line decor
  
line decor
 
 
 
 

දහම් පුස්තකාලය (දහම් පොත්ගුල).


දහම් පුස්තකාලය යනු ධර්ම පොත් පත් කියවීමට රුචියක් දක්වන පුද්ගලයන් හට සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් ලියැවුණු පොත් පත් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම උදෙසා නොමිලයේ පවත්වා ගෙන යන සේවාවකි.
පෙර අපර දෙදිග වැඩ වසන ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා සහ නූතන අනුගාමිකයන් විසින් අගනා බෞද්ධ පොත් පත් රාශියක් මෑතකදී ලියා පළ කර ඇති බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. අපගේ උතුම් අරමුණ නම් මෙබඳු අනර්ඝ පොත් පත් දැනට ඕස්ට්‍රේලියාවෙහි සහ නවසීලන්තයෙහි පදිංචිව සිටින්නන්ගේ දහම් දැනුම, ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම පිණිස නොමිලයේ ලබා ගැනීමට හැකි මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමයි.
මෙම ධර්ම දානමය පුණ්‍ය කටයුත්තේදී කිසිම ලාභයක් ලැබීමට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමු. නමුත් මෙම සේවාව පවත්වා ගෙන යාම උදෙසා ඔබ විසින් යම් කිසි පරිත්‍යාගයක් කරන්නේ නම් පුණ්‍යානුමෝදනා පෙරදැරි සිත් ඇතිව අපි එය බා‍ර ගන්නෙමු.
මෙම පුස්තකාලයෙන් පොත් ලබා ගැනීම පහත පරිදි ඉතා පහසුවෙන් කල හැකිය.
ඔබට අවශ්‍ය පොත මෙහි ඇති නාමාවලියෙන් තෝරා ගෙන ඒ බව අප වෙත දුරකථන ඇමතුමකින් හෝ ඊ මේල් පණිවිඩයකින් දැනුම් දුන් විට එම අදාළ පොත මෙල්බර්න් ප්‍රදේශයේ ඇති බෞද්ධ විහාරයකට ගෙනැවිත් දීමට හෝ ඔබගේ නිවසටම තැපෑලෙන් එවීමට අපි කටයුතු කරන්නෙමු.
මීට අමතරව අන්තර්ඥානය (Insight) නම් කොටසෙහි ඇති ඊ-පොත් ද (e-books) නොමිලයේ කියවීමට හෝ ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකිය.
දැනට අප සතුව පොත් 300 ක් පමණ ඇති අතර ඉදිරියේදී තවත් පොත් එකතු කිරීමට බලාපොරොත්තු වෙමු. අප හට භාවිත කළ හෝ අළුත් පොත් පත් පරිත්‍යාග කිරීමට ඔබ කැමති නම් ඒවා ඉතාමත් සතුටින් භාර ගන්නෙමු.

මෙත් වේවා!
නිමල් රත්නායක

පුණ්ණජි ආරියරත්න

අපේ ලිපිනය:
MELBOURNE DAMMA BOOK LIBRARY
1 Belindavale Drive
Knoxfield- Vic3180
Melbourne- Australia

විද්‍යුත් ලිපිනය (ඊ මේල්):
nimalr@pacificlanka.com
දුරකථනය:
+61 3  98011674


(සබ්බ දානං ධම්ම දානං ජිනාති - ධර්ම දානය සියළු දාන අතර උතුම්ම දානය යි).

 

MELBOURNE DAMMA BOOK LIBRARY is established to provide an opportunity to Sinhala /English damma books readers living in Australia/New Zealand to enhance their damma knowledge - PRAGNA.

As most of us aware, recently a lot of new books have been published by knowledgeable Buddhist monks living in Eastern /Western world and also by some modern followers.

Our aim is to lend these popular books to our readers free of charge. We have no intention to make any profit by this noble task. This is purely a DAMMA DANAYA. However if you wish to make any donation to run this library you are most welcome.

This is a good opportunity for you to borrow these books!

If you wish to borrow any book, it is very simple:

Please select from the "Catalogue" and let us know by calling us or sending an email (nimalr@pacificlanka.com). We will deliver the books through Buddhist temples in Melbourne area or we will mail you to your home address.

We have around 300 books now and our aim is to add more new books to the collection.

Also you can read/download valuable information on DAMMA from E-Books available in the "Insight section".

If you wish to donate any new/old damma books to the library, you are most welcome!

With metta,
Nimal Ratnayake.

Punnaji Ariyaratne.

Contact:
MELBOURNE DAMMA BOOK LIBRARY,
1 Belindavale Drive,
Knoxfield - Vic3180,
Melbourne - Australia.
+61 3  98011674

(DHAMMA DHANA IS THE MOST NOBLE DANA, AMONG ALL OTHER DANAS)

   
© 2009 PUNNAJI ARIYARATNE